Gossips

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නිවසකට මැර ප්‍රහාරයක්

හංවැල්ල ජල්තර හේන්පිට පාර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පලා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය වූ අවස්ථාවේදී අදාල නිවසේ කිසිවෙකුත් නොසිටි බවයි වාර්තාවන්නේ.
මෙම පහරදීම කප්පම් මුදලක් ලබා නොදීම නිසාවෙන් හෝ අදාල වැලි ව්‍යාපාරිකයාට අයත් ස්ථානයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමක් බවට සැක කරන බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.
සැකකරුවන් කිහිපදෙනෙකු පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර ඔවුන් සොයා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර , එම නිවසට පහරදෙන අකාරය නිවසේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන්වී තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්..