Gossips

හංවැල්ල – ජල්තර ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල – ජල්තර මහා විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩා පිටියේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ මිරිහාන – විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්.
රනාල – ජල්තර ප්‍රදේශයේම පදිංචි මොවුන් දෙදෙනා 16 සහ 19 හැවිරිදි වියේ පසුවන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය මස 28 වන දා මෙලස ඝාතනයට ලක්වූයේ හංවැල්ල – ඇඹුල්ගම සමගි මාවතේ පදිංචි තරුණයෙක්.