අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 80 සහ 44 වයස්වල පසුවන පියෙකු සහ පුත්‍රයෙක්.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබෙනවා.
