Gossips

හංවැල්ලේ පුද්ගලයෙකු කැළණි ගඟට පැන අතුරුදන් වෙයි

කඩුවෙල – නවගමුව දේවාලය අසළින් කැළණි ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6ට පමණ මෙම පුද්ගලයා දේවාලය අසළින් කැළණි ගඟට පැන ඇති බවට ප්‍රදේශවාසීන් දැනුම් දුන් බවයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ හංවැල්ල – තුන්නාන ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.