Gossips

හංවැල්ලේ කප්පම් නායක බූලා අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරමක් මෙහෙය වූ බූලා නමැති අනවර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු තියුණු ආයුධ කිහිපයක් ද සමගින් හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ අද (23) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සිසිර කුමාර හෙවත් බූලා නමින් හඳුන්වන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඌරුජුවාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවට ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
ඌරුජුවා නැමැති කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක, සමයංගේ ගෝලයෙකු විසින්.