Gossips

හංවැල්ලේදී සිදුවූ අනතුරකින් එක් අයෙකු රෝහලේ

හංවැල්ල ආටිගල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් නාවික හමුදා එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
අනතුරට ලක්වූ වෑන් රථය අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අතර එය අටිගල ප්‍රදේශයේදී විදූලි කණුවක ගැටීමෙන් මේ අනතුර සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදී වෑන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් අවට තිබු නිවසකට ද හානි සිදුවී ඇති අතර හංවැල්ල පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.