Gossips

හංවැල්ලේදී ඝාතන දෙකක්

හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.
හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි පිරිසකගෙන් එක් පුද්ගලයෙකුට මුහුණ ආවරණය කරගෙන පැමිණි තවත් කණ්ඩායමක් විසින් තියුණුු ආයුධයකින් පහරදීමෙන් මියගොස් තිබෙනවා.
අද පස්වරුවේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 22 ක් වයසැති හංවැල්ල – ඇඹුුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර හංවැල්ල – ඇඹුුල්ගම ප්‍රදේශයේ හෝටලයක අයිතිරුවෙකුට මුහුණ ආවරණය කරගෙන යතුරු පැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
රාත්‍රියේ සිදු වූ මෙම පහර දීමෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.