Gossips

සෞදි රාජකීය පවුලේ අර්බුදයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධියෙන් පසු අන්තර්ජාතික වශයෙන් සෞදි අරාබියට එල්ල වූ චෝදනා හමුවේ එරට රජ පවුලේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු මීළඟට රාජ්‍යයත්වයට පත්වීම සම්බන්ධයෙන්න එරට රාජකීය පවුල තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
දැනට සෞදි අරාබියේ රාජ්‍යයත්වය දරණ 82 හැවිරිදි සල්මාන් රජුගේ අභාවයෙන් පසු බින් සල්මාන් කුමරු රාජ්‍යත්වයට පත්වීමටයි නියමිතව ඇත්තේ.
එහෙත් කශෝගි ඝාතනයෙන් ඔහුට එල්ල වූ චෝදනා හමුවේ දැනට රාජ්‍යයත්වය දරණ සල්මාන් රජුගේ සොහොයුරෙකු වන අහමඞ් බින් අබ්දුල් අසීස් මීළඟට රාජ්‍යයත්වයට පත් කිරීම කෙරෙහි සෞදි අරාබියානු රාජකීය පවුලේ කිහිප දෙනෙකුගේම අවදානය යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.