Gossips

සෞදි රජු හමුදා ප්‍රධානීන් පහ කරයි

සෞදි අරාබියේ සල්මාන් රජු විසින් එරට මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරුවලින් පහ කර තිබෙනවා.
ඊයේ (26) රාත්‍රියේ නිකුත් කළ රාජකීය ආඥාවක් මගින් මෙලෙස ඉවත් කළ ප්‍රධානීන් අතර, සෞදි හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ද සිටින බව සඳහන්.
සෞදි පාබල හමුදාවල සහ ගුවන් ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ද සල්මාන් රජු විසින් ඉවත් කර ඇති බවයි සෞදි නිල ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.
සෞදි ආරක්ෂක අමාත්‍යවරයා ද වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම වෙනස්කම්වලට මූලිකත්වය ගෙන ඇති බව සඳහන්.
පසුගිය වසරේදී ඔහු මූල්‍ය දූෂණවලට සම්බන්ධ බවට චෝදනා කරමින් කුමාරවරුන්, අමාත්‍යවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් සුපිරි හෝටලයක නිවාස අඩස්සියේ රැඳවීමට ද පියවර ගත්තා.