සෞදි අරාබියේ රියාද් අගනුවර සල්මාන් රජුගේ මාලිගය අසල ඊයේ රාත්‍රියේ ඇසුණු වෙඩි හඬ පිළිබඳව ජනතාව කලබලයට පත්වූ බව වාර්තා වනවා.
එහි ආරක්ෂාවද තර කිරීමට පියවර ගැනුණු අතර, ඔවුන් විශේෂ අවධානයක් යොමු කළේ යේමනයෙන් එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳවයි.
කෙසේ නමුත්, පසුව හෙලිදරව් වූයේ කිසිවෙකු විසින් ගුවනට නංවන ලද ඩ්‍රෝනයක් රජ මාලිගයේ ආරක්ෂිත ගුවන් කලාපයට ඇතුළු වී ඇති බවයි.
එය ආරක්ෂක අංශ විසින් වෙඩි තබා බිම හෙලා තිබෙනවා.
එම වෙඩි තැබීම වීඩියෝ ගතකොට අන්තර්ජාලයටද එක්කර තිබූ බව සඳහන්.
පසුගිය මාර්තු මාසයේ යේමනයේ සිට එල්ල වූ මිසයිලයක් රියාද් නුවර නිවසකට පතිත වුණා.