වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි, ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී පහරදී ඝාතනය කළ බවට සාක්ෂි තමන් සතු බව තුර්කිය පවසනවා.
තානාපති කාර්යාලය තුළදී ඔහුගෙන් ප්‍රශ්න කිරීම සහ පහරදීම තහවුරු කරන හඬපට සහ වීඩියෝ පට හමුවී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
පසුගිය ඔක්තෝම්බර් දෙවනදා කෂෝගි, සෞදි කොන්සල් කාර්යාලය වෙත ගොස් ඇත්තේ ඔහු සිය සෞදි බිරිඳගෙන් වෙන් වීමේ දික්කසාද ලියවිලි ලබා ගැනීමටයි.
කෂෝගි පැමිණෙනතුරු කොන්සල් කාර්යාලය ඉදිරිපිට දිගු වේලාවක් බලා සිටි ඔහුගේ තුර්කි ජාතික අනාගත බිරිඳ පසුව ඒ පිළිබඳ තුර්කි බලධාරින්ට දැනුම්දී තිබුණා.
කෙසේ නමුත්, සෞදියේ කිරුළ හිිමි සල්මාන් කුමරු ඇතුළු වත්මන් රාජකීය පාලනය දැඩි ලෙස විවේචනය කරන ජමාල් කෂෝගි ඝාතනය කළ බවට එල්ල වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කළා.
