Gossips

සෞදි මාධ්‍යවේදියා අතුරුදන්වීම ගැන තුර්කිය ප්‍රශ්න කරයි

ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයෙන් නික්මුණු බව තහවුරු කරන්නැයි තුර්කි ජනාධිපති රෙසෙප් තායිබ් අර්ඩවාන් සෞදි අරාබියෙන් ඉල්ලා සිටිනවා.
සිය සෞදි බිරිඳගෙන් දික්කසාදවීමේ ලියකියවිලි ලබා ගැනීම සඳහා ඔහු පසුගිය සතියේ ඊට ඇතුළු වූයේ තමා විවාහවීමට සිටින තුර්කි පෙම්වතිය කොන්සල් කාර්යාලය ඉදිරිපිට සිටියදියි.
ඔහු නැවත නොපැමිණීම නිසා ඇය තුර්කි බලධාරීන්ට ඒ පිළිබදව දැනුම් දී තිබෙනවා.
සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ දැඩි ලෙස විවේචනය කරන කශෝගි පැහැරගෙන ඝාතනය කර ඇති බවයි තුර්කියේ විශ්වාසය වී ඇත්තේ.
කශෝගි ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට පැමිණීමට පෙර 15 දෙනෙකුගෙන් යුත් සෞදි ආරක්ෂක කණ්ඩායමක් එහි පැමිණි බවට ද වාර්තා වනවා.