Gossips

සෞදි ප්‍රහාරක යානාවලට ගුවනේදී තෙල් සැපයීම ඇමරිකාව නවතයි

යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කරන සෞදි අරාබිය ඇතුළු එම සන්ධානයේ රටවල ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සැපයීම ඇමරිකා එක්සත් ජනපදය විසින් නතර කර ඇති බව වාර්තා වනවා.
යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් ළමයින් ඇතුළු සිවිල් වැසියන් විශාල වශයෙන් මිය යාම නිසා එරට ඇති වී තිබෙන්නේ මානුෂීය ඛේදවාචකයක්.
යේමනයේ වාතාවරණය මෙන්ම මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට එරෙහිව චෝදනා එල්ලවීම ද මෙම තීරණයට බලවා ඇති බව විශ්වාස කෙරෙනවා.
ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සැපයීමේ තාක්ෂණය සතු වන්නේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට පමණයි.