Gossips

සෞදි ගුවන් ප්‍රහාරයකින් යේමන ළමයින් 29 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ

යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ළමයින් 29 දෙනෙකු මිය යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව සෞදි අරාබිය පවසනවා.
යේමනයේ හවුති විරෝධී රජයට සහය දක්වන සෞදි අරාබිය කලින් ප්‍රකාශ කළේ සිය ගුවන් ප්‍රහාරය සාධාරණ පියවරක් බවයි.
එහෙත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව සෞදි රජයේ අරමුදලෙන් නඩත්තු වන අල් ඇරබියා රූපවාහිනිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළා.
යේමනයේ හවුති රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞදි ගුවන් ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය අතර ඉන් 40 දෙනෙකුම ළමයින් බවයි.
සිද්ධිය පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද ප්‍රකාශ කළා.