අරාබි මුහුදට මුහුණලා පිහිටි පාකිස්තානයේ ගෞදාර් වරාය පරිශ්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර ඇති බව සෞදි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
චීනයේ සහයෙන් සංවර්ධනය කර ඇති මෙම වරාය පරිශ්‍රයේදී සෞදි බලශක්ති අමාත්‍ය ඛාලික් අල් ෆලි කියා සිටියේ පාකිස්තානයේ ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම තම අරමුණ බවයි.
චීනයේ නව සේද මාර්ගය අරාබි මුහුදට පිවිසෙන්නේ ද ගෞදාර් වරායෙන්.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට ඩොලර් බිලියන 6ක මූල්‍ය ආධාර ලබාදීමට ද සෞදි අරාබිය පසුගිය වසරේදී එකඟ වුණා.
ඉම්රාන් ඛාන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සෞදි අරාබිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනයෙන් මූල්‍යාධාර රැසක් ලබා ගැනීමට සමත් වී සිටිනවා.
