Gossips

සෞදි අරාබිය, ඇමරිකාවට තානාපතිවරියක් පත් කරයි

සෞදි අරාබිය ප්‍රථම වරට තම රට නියෝජනය කරන තානාපතිවරියක් පත්කර තිබෙනවා.
ඒ, ඇමරිකාවේ නව සෞදි තානාපතිනිය ලෙස රීමා බින්ට් බන්දාර් අල් – සවුද් කුමරිය නම් කරමින්.
එය මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයෙන් පසු අපකීර්තියට පත්ව සිටින සෞදි අරාබියේ කීර්තිනාමය ඉහළ නැංවීමේ පියවරක් බව විචාරකයන්ගේ අදහසයි.
ඒ අනුව සෞදි අරාබියේ ඇමරිකානු තානාපතිවරයා වන මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරු කාලිඩ් බින් සල්මාන් කුමරු වෙනුවට රීමා කුමරිය එම තනතුරට පත්වනු ඇති.
රීමා කුමරියගේ පියාවන බින් සුල්තාන් අල් සවුද්, 1983 සිට 2005 දක්වා ඇමරිකාවේ සෞදි තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
රීමා කුමරියද කුඩා කළ වොෂිිංටනයේ ගත කළ අතර, වොෂින්ටන් සරසවියෙන් කෞතුකාගාර අධ්‍යයන පිළිබඳ උපාධියක්ද හිමිකරගනු ලැබුවා.