Gossips

සෞදි අරාබියෙන් නව ආයතන 3 ක්

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු සෞදි අරාබිය ඔත්තු සේවාවන්ට අනුබද්ධ නව ආයතන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.
කශෝගි ඝාතනය සෞදි ඔත්තු සේවා අංශ සමග ඍජුව සම්බන්ධ බවටයි තොරතුරු වාර්තා වූයේ.
සෞදි අරාබිය නව ආයතන ස්ථාපිත කර ඇත්තේ එයින් ඇති වූ අපකීර්තිය මකා ගැනීමට බවයි විශ්වාස කෙරෙන්නේ.
ඒ අනුව, ස්ථාපිත කෙරුණු නව ආයතන මගින් සෞදි අරාබියේ ඔත්තු සේවා මෙහෙයුම් ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් ගිවිසුම්වලට අනුකූල ලෙසින් පවත්වාගෙන යාමට අදහස් කරන බව සෞදි රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව ප්‍රකාශ කළා.