Gossips

සෞදිය සමඟ සබඳතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්නොහරින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සෞදි අරාබිය වැඩි වශයෙන් භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී ඇමරිකාවට ප්‍රමුඛත්වය ලබාදෙන පසුබිමක් තුළ තම මිත්‍රත්වය වඩා වැදගත් වන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම ජමාල් කශෝගි ඝාතනය වූයේ කුමන ආකාරයෙන් ද යන්න නිශ්චිත නිගමනයකට එළඹීමට තවමත් නොහැකිවී ඇති බව ද ට්‍රම්ප් පවසනවා.