හිරු ප්‍රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණයෙන් පසු දිවයිනට ගෙන්වා ගත් මීට මාසයකට පමණ පෙර සෞදියේදී රිය අනතුරකින් මියගිය 31 හැවිරිදි අරුණ ශ්‍රී ජයවික්‍රම තරුණයාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පොළොන්නරුව – බකමූණ – නිකපිටිය ප්‍රදේශයේදී සිදුකෙරුණා.
තරුණයාගේ නැගණිය දේහය දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තුති පුද කළා.
