Gossips

සෞදියේ මියගිය සැමියාගේ දේහය ගෙන්වා දෙන්නැයි බිරිඳගෙන් ඉල්ලීමක්

සෞදි අරාබියේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී මියගිය තම සැමියාගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස දුම්මලසූරිය – වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉල්ලා සිටිනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පාලිත විජයබණ්ඩාර නමැති 52 හැවිරිදි පුද්ගලයෙක්.
සෞදි අරාබියේ වසර 23 ක කාලයක් සේවය කර ඇති මෙම පුද්ගලයා පසුගිය 17 වැනිදා රිය අනතුරකට ලක්වූ බව හිතවතෙකු මාර්ගයෙන් තමන්ට දැනුම් දුන් බවයි ඔහුගේ බිරිඳ කියා සිටියේ.
සෞදි අරාබියේ – ජෙඩා නගරයට ආසන්න ස්ථානයකදී මියගිය තම සැමියාගේ දේහය ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළ ද තවමත් කිසිදු ක්‍රියාමාර්යක් ගෙන නොමැති බවට ඇය චෝදනා කළා.