සෞදි අරාබියේ හාම්පුතෙකු විසින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සෞදි අරාබියේ බුරයිඩා ප්‍රදේශයේ නිවසක සේවය කළ 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහිදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබූ 30 හැවිරිදි පුද්ගලයා ද පසුව එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන මිය ගොස් ඇති බව සෞදි මාධ්‍ය සඳහන් කළා.
ඒ සඳහා ඔහු යොදාගෙන ඇත්තේ දඩයම් තුවක්කුවක්.
එම පුද්ගලයා මානසික අවපීඩනයකින් පෙළුණු අයෙකු ලෙසට හඳුනාගෙන ඇති බව සෞදි බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියා.
