Gossips

සෞදියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේහය ගෙන්වා ගැනීමේ කටයුතු හෙට

සේවය කළ නිවසේ හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළ සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු හෙට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන් ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ සොයා බැලීම සඳහා දේහය තැන්පත් කර ඇති අල්රාස් රෝහලට පිටත්ව යනු ඇති.
මෙලෙස ඝාතනයට ලක්වුණේ 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර නැමැති ගාල්ලේ පදිංචි කාන්තාවක්.
ඇය සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පිටව ගොස් ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදියි.
සෞදි අරාබියේ බුරයිඩා ප්‍රදේශයේ නිවසක සේවය කළ ඇයට, පසුගිය සෙනසුරාදා හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව ඔහුද එම අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා.
එම පුද්ගලයා මානසික අවපීඩනයකින් පෙළුණු අයෙකු ලෙසට හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.