පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන විස්සක ආයෝජන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය විසින් මෙම ගිවිසුම අත්සන් තබා ඇති බවයි.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරතවනවා.
ඒ අතරතුරයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.
මෙම සංචාරයේදී දෙරට අතර තෙල් සහ මිනිරන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. මේ වනවිට පාකිස්ථානයේ විදේශ සංචිත පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් ප්‍රමාණයක්.
පාකිස්ථානයේ සංචාරය නිම කරමින් සෞදියේ ඔටුන්න හිමි කුමරු හෙට ඉන්දියාවට පැමිණෙන අතර ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා චීනයේ සංචාරයක් සඳහා එක්වනු ඇති.