මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසනවා.
ඔහු කියා සිටියේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ සිදුවූ ඝාතනය සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තහවුරු කිරීමේ තවත් සාක්ෂි අපේක්ෂා කරන බවයි.
කෙසේ නමුත්, එලෙස සම්බාධක පැනවිය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බව ද ඔහු අවධාරණය කළා.
කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබිය සමඟ ආර්ථික සබඳතා මුළුමනින්ම අත්හිටුවීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරනවා.
ඒ සෞදි අරාබිය ඇමරිකාවේ විශාලතම අවි ගැණුම්කරු වීම හේතුවෙන්.