Gossips

සෞදියට අවි සැපයීම ජර්මනිය නවතයි

ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා තිබෙනවා.
මාධ්‍යවේදීන් ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කළේ.
එමෙන්ම, මෙම ඝාතනයත් සමඟ සෞදි අරාබිය සමඟ පවතින ආරක්ෂක ගණුදෙනු සීමා කිරීමේ අවධානයක් පවතින බවයි එරට අග්‍රාමාත්‍ය ජර්ටින් ටෲඩෝ ප්‍රකාශ ඇත්තේ.
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය නිවේදනය කළා.
කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය සදහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් සෞදි රජය ඉදිරිපත් කළ යුතු බවයි.