Gossips

සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථාන පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්මේලනය AIA රක්ෂණ සමාගමේ සංවිධානයෙන්

AIA රක්ෂණ සමාගමේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වඩාත්ම සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානය පිළිබඳ සම්මේලනය පසුගියදා පවත්වනු ලැබුවා.
මේ සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතනයන්හි මානව සම්පත් ප්‍රධානීන් සහභාගීව සිටියා.
මෙම සම්මේලනයේදී සේවා ස්ථානයන් හී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න බව නිර්ණය කිරීම සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු වඩාත්ම සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථාන පිළිබඳ සමීක්ෂණයෙන් ලබාගන්නා ලද වැදගත් තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණා.
සේවා ස්ථානයන් තුල සෞඛ්‍ය සම්පන්න බව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්විය යුතු කරුණු සඳහා අනුගමනය කරන්නා වූ යහ ක්‍රියාකාරකම් පිළිබඳව, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවීණයන් විසින් පවත්වන සැසියක් ද මෙහිදී පවත්වනු ලැබුවා.
මෙහිදී වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානය, වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවායෝජකයා සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න කාර්ය මණ්ඩල සාමාජිකයා යන සම්මාන පිරිනැමුණු අතර එම
සියළු සම්මාන සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ යන අංශ තුනම නියෝජනය වන ආයතනයන් වෙත පිරිනැමුනා.
2019 වසරේ පවත්වනු ලබන සමීක්ෂණය සඳහා ඕනෑම සමාගමකට, 0777295524 යන දුරකථන අංක අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.