Gossips

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුවට ෆින්ලන්තයෙන් සහයෝගය

සෞඛ්‍ය ක්‍ෂේත්‍ර තුළ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා ෆින්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය ක්‍ෂේත්‍ර හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල්වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් දියුණු කිරීම, ජාන විද්‍යාව, චිකිත්සාවන්, බෝ නොවන රෝග ආදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල දැනුම වර්ධනය කිරීමද අදාළ අවබෝධතා ගිවිසුමට ඇතුළත්.