Gossips

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 03 කට නව සභාපතිවරු

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 3ක් වෙනුවෙන් නව සභාපතිවරුන් අද (03) පත් කර තිබෙනවා.
මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනුයි.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය එච්. එම්. එම් රූම් පත් කර ඇති අතර එම සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත්තේ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි වේ.
ඊට අමතවර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය අසිත ද සිල්වා යන අය පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් පත් කර ඇති අතර එම අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස ආචාර්ය කුමාර සිල්වා පත් කර තිබෙනවා.