Gossips

සෝෆාට ජවිපෙ විරෝධය

ඇමරිකානු හමුදාවන්ට පහසුකම් සැලසීම සඳහා පාර්ලිමේන්තුවටත් නොදන්වා ආණ්ඩුව නව ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
සෝෆා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම හරහා ලක් රජය සහ ඇමරිකාව අතර අත්සන් කර තිබූ ආරක්ෂක සේවා ගිවිසුම හෙවත් ඇක්සා ගිවිසුමට එහා ගිය බලතල ඇමරිකාවට ලැබෙන බවයි එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඇක්සා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 2007 වසරේදීයි.
පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එම ගිවිසුම 2017 වසරේ දීර්ඝ කරනු ලැබූ බවත් එහි ඊළඟ පියවර ලෙස සෝෆා ගිවිසුමට එළඹීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බවටත් ඔහු චෝදනා කළා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවටයි.