Gossips

සෝමාවතියේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

සෝමාවතිය ඊරියාවල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔහු සෝමාවතිය වැඳ පුදාගැනීම සඳහා පැමිණ ඇති අතර සුන්ගාවිල ප්‍රදේශයේ සිට පාගමනින් සෝමාවතිය පූජා භූමිය දෙසට ගමන්කරමින් සිටියදීයි මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ.
මෙම පුද්ගලයා අද උදෑසන බදුල්ලේ සිට පැමිණ සුන්ගාවිල සිට සෝමාවතිය දක්වා කිලෝමීටර් 15 දුර පයින් ගමන් කිරීමටයි උත්සාහ කර ඇත්තේ.
වනජීවී නිලධාරීන් වැඩිදුරටත් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ සෝමාවතිය වැඳ පුදාගැනීමට මෙම මාර්ගය ඔස්සේ පාගමනින් ගමන් නොකරන ලෙසයි.
පුලස්තිපුර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.