Gossips

සෝමාලි අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඉන් එක් බෝම්බයක් සෝමාලියානු ජනාධිපති මැදුරේ දොරටුව අසළ පුපුරා ගොස් තිබූ අතර, දෙවැන්න එරට ජාතික ඔත්තු සේවා මූලස්ථානය අසළ පුපුරා ගොස් තිබුණා.
ප්‍රහාරය සඳහා පැමිණි 5 දෙනෙකු ප්‍රති ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි සෝමාලියානු රජය ප්‍රකාශ කළේ.
සෝමාලියාවේ ජගත් සංවිධාන සහය ලබන රජයට එරෙහි අල් ශබාබ් ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.