Gossips

සෝමාලි අගනුවර යළි බෝම්බ පුපුරයි

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ (23) සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් එක් බෝම්බයක් පුපුරා ඇත්තේ සෝමාලියානු ජනාධිපති මැදුරේ දොරටුව අසළයි.
දෙවැන්න එරට ජාතික ඔත්තු සේවා මූලස්ථානය අසළ පුපුරා ගොස් තිබෙනනවා.
ප්‍රහාරය සඳහා පැමිණි 05 දෙනෙකු ප්‍රති ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි සෝමාලියානු රජය ප්‍රකාශ කළේ.
සෝමාලියාවේ ජගත් සංවිධාන සහය ලබන රජයට එරෙහි අල් ශබාබ් ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.