Gossips

සෝමාලි අගනුවර දැවැන්ත පිපිරීමක්

අප්‍රිකානු සෝමාලි රාජ්‍යයේ මොගඩිෂු අගනුවර අද දැවැන්ත පිපිරීමක් සිදුවූ අතර, එය මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් බවට සැලකෙනවා.
එය පිපිරුණු ප්‍රදේශයේ පිහිටි පාසලක් ද කඩා වැටී ඇති අතර, අනතුරට ලක්වූ පිරිස අතර ළමයින් ද සිටිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
සෝමාලියාවේ ජාත්‍යන්තර සහය ලබන රජය පෙරළා දැමීමට සටන් වදින අල්ෂබාබ් කැරළිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත්, පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.