සෝමාලියාවේ පිහිටි සෝමාලිලන්තයේ රැකියා සඳහා ගොස් අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු ඉතියෝපියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වාගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නේවාසික ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ කොන්සල් කාර්යාල පිහිටා නොමැති ඉහළ අවදානමක් සහිත රටවල් හරහා විදේශ රැකියා සඳහා පිටව යාමේදී දැඩි සැළකිල්ලක් දක්වන ලෙසයි එම අමාත්‍යාංශය ඉල්ලා සිටියේ.
