Gossips

සෝමාලියාවේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් 39 ක් මරුට

සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර සුප්‍රකට හෝටලයකට ඊයේ සන්ධ්‍යාවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෝටර් රථ බෝම්බ දෙකක් ප්‍රහාරය සදහා යොදා ගනු ලැබූ අතර, තුන්වැන්න ලෙස බෝම්බ ඇටවූ ත්‍රිරෝද රථයක් හෝටලය ආසන්නයේ ජනාකීර්ණ වීථියක නතර කර තිබූ බව සදහන්.
ප්‍රහාරය එල්ල වූ සහාෆි හෝටලය අසල සෝමාලියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය ද පිහිටා තිබෙනවා.
පිපිරීම් වලට ගොදුරු වූ තවත් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි සෝමාලි පොලීසිය ප්‍රකාශ කළේ.
තවත් පිරිසක් අතුරුදන් වී ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සදහන්.