Gossips

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරවලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර අප්‍රිකානු සෝමාලියා රාජ්‍යයේ බයිඩොවා නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.
අවන්හලකට සහ හෝටලයකට එල්ලවූ මෙම ප්‍රහාරවලින් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පැළඳි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ මෙම පිපිරවීම් සිදුකර තිබෙනවා.
අල් – ෂබාබ් සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන ඇති බවයි වාර්තාවන්නේ.
2009 සිට 2012 දක්වා කාලය තුළ මෙම බෝම්බ ප්‍රහාර සිදුවූ බයිඩොවා නගරය පැවතුණේ අල්ෂබාබ් සංවිධානය සතුවයි.