ව්‍යාජ වීසා උපයෝගී කරගෙන නවදිල්ලිය හරහා ස්වීඩනයට යාමට තැත් කළ සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ගුවන් යානයේ සිදුකළ විශේෂ සෝදිසියකදියි.
අත්අඩංගුවට ගත් සෝමාලියානු ජාතික තරුණයින් 22 සහ 19 වයස්වල පසුවනවා.
