මේ වසරේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය සඳහා තරඟ වදින කොංග්‍රස් පක්ෂයේ මුල් පෙළ අපේක්ෂකයන් 15 දෙනෙකු ඊයේ නම් කෙරුණු අතර, පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි සහ සභාපති රාහුල් ගාන්ධි ද ඊට ඇතුළත්.
ඔවුන් ගාන්ධිවරුන්ගේ ඡන්ද බලකොටු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති සහ රේබරෙලි ආසනවලින් තරඟ වදිනු ඇති.
2017 වසරේදී පක්ෂ සභාපති ධුරය රාහුල් ගාන්ධිට පැවරීමෙන් පසු සෝනියා ගාන්ධි විශ්‍රාම ගනු ඇතැයි පැවති මතය ඊයේ ප්‍රකාශිත ලැයිස්තුවෙන් දුරු වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
කෙසේ නමුත්, මෑතදී දේශපාලනයට පිවිසි රාහුල්ගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රසයේ මුල් අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කර නැහැ.
