Gossips

සොරකමේ ගිය තරුණයෙකුට ගම්වාසීන්ගෙන් ගුටි

නිවෙස් දෙකකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පහර දී පොලිසියට භාර දී ඇති බව අප වාර්තාකරු පවසනවා.
බුත්තල පොලිස් බල ප්‍රදේශයේ උනාවටුන ප්‍රදේශයේ නිවෙස් දෙකකට අද(3)අලුයම ඇතුළු වී එක් නිවසක තිබූ භාණ්ඩ සහ අනෙක් නිවසේ තිබු අත් බෑගයක් සොරකම් කිරීමෙන් පසු තවත් නිවසකට ඇතුළු වන අවස්ථාවෙදී මෙම කොල්ලකරු ගම්වාසීන් විසින් අල්ලා අත් පා බැද පහර දී බුත්තල පොලිසිය වෙත භාර දී තිබෙනවා.
මෙම සැකකරු සහ තවත් අයෙක් මෙම සොරකම් වලට සහභාගි වී ඇති අතර අනෙක් සැකකරු පලාගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බුදුරුවාගල, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහනවයක පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද (03) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.