Gossips

සොරකම් රැසකට සම්බන්ධ තරුණයෙකු අගුලානේදී අත්අඩංගුවට

ගෙවල් බිඳුම් සහ දේපළ සොරකම් කිරීම් ඇතුලූ අපරධ ගණනාවකට සම්බන්ධ තරුණයෙකු අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සොරකම් කරන ලද ජංගම දුරකථන සහ රන් භාණ්ඩ ඇතුලූ දේපල තොගයක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුලාන ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.