සොරකම් කර පසුව සොයා ගැණුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් රණ මයුර සම්මානය සමඟ ලැබුණු පදක්කම පොලීසිය ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්ට අද යළි භාර දුන්නා.
2000 වසරේ ඉන්දියාවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු මෙම සම්මානය ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේදි අතුරුදන්ව තිබුණා.
පසුව එම සම්මානය පසුගිය මස 5 වනදා පොලීසියට හමු වූයේ කොල්ලුපිටිය කඩුවෙල පෞද්ගලික බස් රථයක දමා ගොස් තිබියදීයි.
ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව අදාළ සම්මානය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමුකර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුවයි අද දිනයේදී එම සම්මානය මෙලෙස ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්ට භාර දෙනු ලැබුවේ.
