සොයිසාපුර කර්මාන්තශාලාවක ගින්නක්
ගල්කිස්ස – සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 9.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
අදාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු ගබඩාවේ මෙම හටගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
