Gossips

සොත්ති උපාලිගේ පුතෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

පාතාල නායකයෙකු වූ සොත්ති උපාලිගේ පුතෙකු වන 41 හැවිරිදි ඒ.ඩී. ලක්ෂිත ප්‍රසන්න, මොරටුමුල්ල – කටුබැද්ද – තුඩුවාමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන සිදුකළ වැටලීමකදී ඔහු ළඟ තිබී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 549 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
එමෙන්ම විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇති අතර, සැකකරු මොරටුමුල්ල පොලිස් ස්ථානයට ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදී තිබෙනවා.