Gossips

සොත්ති උපාලිගේ දියණියක් මත්කුඩුත් සමඟ අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ පාතාල කණ්ඩායම් නායක සොත්ති උපාලිගේ දියණියක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් 5ක් ද සොයාගෙන තිබෙනවා.
මේ අතර, බොරැල්ල බේස්ලයින් මාවත, වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු ඊයේ (12)අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.