සේරුවාවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ජී. රණසිංහ බණ්ඩාර අද තේරී පත්වුණා.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදි පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට වඩා ඔහුට වැඩි ඡන්ද 4ක් හිමිවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපති ධුරය සඳහා රණසිංහ බණ්ඩාරගේ නම යෝජනා කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළේ නිදහස් පක්ෂ මන්ත්‍රිනී චන්ද්‍රකාන්ති දසනායකයි.
එහෙත් ඇය ඉල්ලා අස්වීම නිසා විවෘත ඡන්ද විමසීමක් පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඩබ්ලිව්. ජයසිරි මන්ත්‍රීවරයාගේ නම යෝජනා කිරීම හේතුවෙන්.
අනතුරුව පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනා, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා, දෙමළ ජාතික සන්ධානයේ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනා ඒ.ජී. රණසිංහ වෙනුවෙන් ඡන්දය භාවිත කළා.
පොදුජන පෙරමුණේ ඩබ්ලිව්. ජයසිරි මන්ත්‍රීවරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනා පමණයි.
එහි උප සභාපතිනිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රකාන්ති දසනායක තේරී පත්වී තිබෙනවා.
