සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුව ඇති වගා හානි පිළිබඳ තක්සේරුව ඉදිරි සතිය ඇතුළත මුළුමනින්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ ඒ අනුව ඉදිරියේදී සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ බඩඉරිඟු ගොවීන්ට අදාළ වන්දි ගෙවීම් සිදුවනු ඇති බවයි.
එමෙන්ම මෙවැනි උවදුරු ඇතිවීම වළක්වා ගැනීමට නම් නිසි කාලසීමාව වගා කටයුතු සිදුකරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.
