Gossips

සේනා වගා හානි වන්දි ලබාදීම අද සිට

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.
පූර්ණ වගා හානි සිදුවූ ගොවීන් 307 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනැමුණු අතර, එක් අක්කරයක් සඳහා රුපියල් 40,000 ක මුදලක් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
අම්පාර, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන් වෙනුවෙන් වන්දි පිරිනැමීමට රජය මේ වනවිට රුපියල් මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.