Gossips

සේනා මැඬලීමට දහයියා

දහයියා පිළිස්සූ අළු වගා බිම්වලට ඉසීමෙන් කෘෂි භෝගවලට දැඩි බලපෑමක් එල්ල කරන 'සේනා' නමැති දළඹු විශේෂය මර්දනය කළ හැකි බව සොබාදහම් ගොවිපළේ නිර්මාතෘ, පරිසරවේදී තිලක් කන්දේගම පවසනවා.
දඹුල්ලේ දී අද (23) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම ආක්‍රමණික දළඹු විශේෂය හේතුවෙන් ගෝවා සහ බඩඉරිඟු ඇතුළු බෝග වගා රැසකට හානි සිදුව ඇති බවයි.
දළඹුවන් අළුවලට දැඩි බියක් දක්වන අතර සති දෙකක කාලයක් දහයියා අළු වගාවට යෙදීමෙන් දළඹුවන් ගොවිබිම්වලින් පලවා හැරි හැකි බවයි ඔහු කියා සිටියේ.
මෙම දළඹු විශේෂය ශ්‍රී ලංකාවේදී මුල්වරට වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර මේ වනවිට අනුරාධපුර, මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී තිබෙනවා.