Gossips

සේනා මැඬලන්න පළිභෝධ නාශකයක් කන්තලේ තරුණයෙක් සොයා ගනී

සේනා දළඹු උවදුර මැඬලීම සඳහා කන්තලේ ප්‍රදේශයේ තරුණයෙකු පළිභෝධ නාශකයක් නිපදවා තිබෙනවා.
ඊ.එම්. සමීර සම්පත් එදිරිසිංහ නමැති මොහු කාබනික ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම පළිභෝධ නාශකය නිපදවා ඇති බවයි කන්තලේ අධ්‍යාපන කලාපයේ කෘෂිකර්ම විෂය භාර සහකාර අධ්‍යක්ෂ ජී.කේ.ජේ. විජයකීර්ති කියා සිටියේ.
මේ අතර, සේනා දළඹු උවදුරත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළුම ව්‍යාප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් ප්‍රකාශ කළා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටින් පළමු වරට සේනා දළඹුවා වාර්තා වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.
මේ වන විට එම දළඹු විශේෂය සියළු දිස්ත්‍රික්කවල පැතිර අවසන්.
සේනා දළඹුවා දිවයිනේ හෙක්ටයාර 81,000ක් වන බඩ ඉරිඟු වගාබිම්වලින් 48,000කම පැතිර ගොස් තිබෙනවා.
එමෙන්ම, ඇටම්පිටිය ප්‍රදේශයේ මහවෙල ප්‍රදේශයේ තක්කාලි සහ බෝංචි වගා බිමක හඳුනා නොගත් දළඹුවෙකු හමුවීම හේතුවෙන් එම වගාවන් විනාශ කිරීමට ගොවීන් පියවර ගෙන තිබුණා.
පොළොන්නරුව – අරලගංවිල – කජුවත්ත ප්‍රදේශයේ වගා කර තිබූ වට්ටක්කා අස්වැන්නට ද සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බවට අද වාර්තා වුණා.