Gossips

සේනා මර්ධනයට සියයට 50 ක සහනාධාරයක්

සේනා දළඹු විශේෂය මර්ධනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට සියයට 50ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
බඩ ඉරිඟු සහ උක් වගාව ඇතුලූ භෝග රැසකට මෙම දළඹු විශේෂය හේතුවෙන් දැඩි හානි සිදුව තිබෙනවා.
මේ වනවිට සේනා දළඹු විශේෂය පාලනය කිරීම සඳහා කෘමිනාශක 4 ක් හඳුන්වා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.